සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී

විශේෂ නිවේදනයයි: ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වරින් වර යාවත්කාලීන කිරීම

1. මෙම තොරතුරු ඉල්ලා සිටින්නේ ඇයි?2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත (සංශෝධිත) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් නිකුත් කරන ලද 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්‍යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති (සංශෝධිත) යටතේ, මූල්‍ය ආයතන විසින් ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ලබා ගැනීම, යාවත්කාලීනව පවත්වා ගැනීම සහ සමාලෝචනය කිරීම අවශ්‍ය වේ. මෙය මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමට (AML/CFT) උපකාරී වන අතර, මූල්‍ය අපරාධවලින් ගනුදෙනුකරුවන් සහ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරයි.මෙය සියලුම ගනුදෙනුකරුවන්ට අදාළ වන සාමාන්‍ය නියාමන අවශ්‍යතාවකි. මෙම නිවේදනයෙන් ඔබගේ ගිණුමේ කිසියම් අක්‍රමිකතාවක් ඇති බව අදහස් නොකෙරේ. 2. යාවත්කාලීන කළ යුතු තොරතුරුඔබ දැනටමත් ඔබගේ තොරතුරු යාවත්කාලීන කර ඇත්නම් හෝ සත්‍යාපිත ලේඛන ඉදිරිපත් කර ඇත්නම්, මෙම නිවේදනය නොසලකා හරින්න.තොරතුරු වර්ගයඅවශ්‍ය තොරතුරුස්ථිර ලිපිනයඔබගේ වත්මන් ස්ථිර ලිපිනය සහ එය සනාථ කරන ලේඛනයක්ලිපි ගනුදෙනු සඳහා ලිපිනයඑය ස්ථිර ලිපිනයට වඩා වෙනස්නම්, ඔබගේ තැපැල් ලිපිනය සහ එය සනාථ කරන ලේඛනයක්සම්බන්ධතා තොරතුරුඔබගේ දුරකථන අංකවල හෝ විද්‍යුත් තැපැල් ලිපිනයේ සිදුව ඇති වෙනස්කම්රැකියා හෝ ව්‍යාපාර තොරතුරුඔබගේ වෘත්තිය, සේවායෝජකයා හෝ ව්‍යාපාරයේ ස්වභාවයආදායම් මූලාශ්‍රඔබගේ ප්‍රධාන ආදායම් හෝ මුදල් මූලාශ්‍රඅපේක්ෂිත මාසික පිරිවැටුම හෝ ව්‍යාපාර පරිමාවමාසයක් තුළ ඔබගේ ගිණුමේ සිදුවනු ඇතැයි අපේක්ෂා කරන ගනුදෙනුගනුදෙනු කිරීමට අපේක්ෂිත ක්‍රමඋදාහරණ ලෙස මුදල්, චෙක්පත් හෝ විද්‍යුත් මුදල් හුවමාරු කිරීම් 3. රැගෙන ආ යුතු ලේඛනඔබගේ ඡායාරූපය සහිත නිල හැඳුනුම්පතක මුල් පිටපත (ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය)ස්ථිර ලිපිනය සහ ලිපි ගනුදෙනු සඳහා භාවිත කරන ලිපිනය සනාථ කරන ලේඛන (උදාහරණයක් ලෙස ශාඛාව පිළිගන්නා උපයෝගිතා සේවා බිල්පතක්)අදාළ වන අවස්ථාවලදී, රැකියාව හෝ ව්‍යාපාරය සනාථ කරන ලේඛන 4. තොරතුරු යාවත්කාලීන කරන ආකාරය1ශාඛාවේ කාර්ය වේලාව තුළ ඔබට ළඟම ඇති CDB ශාඛාව වෙත පැමිණෙන්න.2ඔබගේ හැඳුනුම්පත සහ තොරතුරු සනාථ කරන අදාළ ලේඛන ඉදිරිපත් කරන්න.3ශාඛා කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ගනුදෙනුකරුගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ පෝරමය සම්පූර්ණ කරන්න.ශාඛාවක් සොයා ගැනීමට හෝ ගනුදෙනුකාර සේවාව හා සම්බන්ධ වීමට පිවිසෙන්න: https://cdb.lk/contact-us 5. තොරතුරුවල සුරක්ෂිතතාව සහ දත්ත ආරක්ෂාවඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීම CDB ශාඛාවකදී හෝ CDB නිල සේවා නාලිකා හරහා පමණක් සිදු කරන්න.ඔබ ලබාදෙන තොරතුරු නියාමන අවශ්‍යතා සපුරාලීම සහ සේවා සැපයීම සඳහා පමණක් භාවිත කරන අතර, අදාළ දත්ත ආරක්ෂණ අවශ්‍යතාවලට අනුකූලව එම තොරතුරු හසුරුවනු ලැබේ. 6. නිතර අසන ප්‍රශ්නමගේ ගිණුම අවදානමකට ලක්ව තිබේ ද, නැතහොත් එය විමර්ශනයකට භාජනය වී තිබේ ද?නැත. මෙය සියලුම ගනුදෙනුකරුවන්ට අදාළ වන සාමාන්‍ය ක්‍රියාවලියකි.මට වහාම ශාඛාවට පැමිණිය නොහැකි නම් කුමක් කළ යුතු ද?ඔබට පහසු වේලාවක් සලසා ගැනීමට, කරුණාකර ඔබගේ ශාඛාව හා සම්බන්ධ වන්න. හැකි ඉක්මනින් තොරතුරු යාවත්කාලීන කිරීම, ඔබගේ සේවාවලට බාධා ඇතිවීම වළක්වා ගැනීමට උපකාරී වේ.මා වෙනුවෙන් වෙනත් අයෙකුට මාගේ තොරතුරු යාවත්කාලීන කළ හැකි ද?නියෝජිතයෙකු යැවීමට පෙර, ඒ සඳහා බලය පැවරීමට අදාළ අවශ්‍යතා තහවුරු කර ගැනීමට කරුණාකර ඔබගේ ශාඛාව හා සම්බන්ධ වන්න. 7. ශ්‍රී ලංකා මහ බැංකුව සහ මූල්‍ය බුද්ධි ඒකකය නිකුත් කළ මහජන නිවේදනයනියාමන ආයතන විසින් නිකුත් කරන ලද මහජන දැනුවත් කිරීමේ නිවේදනයෙහි ගනුදෙනුකරුවන් විසින් ලබා දීමට අපේක්ෂිත තොරතුරු පහත දක්වා ඇත.CBSL සහ FIU මහජන නිවේදනය: ඔබ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගනුදෙනුකරුවෙක්ද?