කරදරයකින් තොර නිවාස විසඳුම් සොයා ගන්න
ඔබේ පළමු නිවහන මිලදී ගන්න, අලුත් නිවසක පදිංචි වෙන්න, ඔබේම කියා නිවසක් තනන්න, ආයෝජනයට දේපළක් හිමිකරගන්න හෝ වෙනත් දේපළ ගනුදෙනුවක් සඳහා හොඳම නිවාස ණයක් හොයනවද? CDB නිවාස ණය, ලියකියවිලි කරදර නැතුව ඔබට සරිලන ආකාරයෙන් ඔබේ සිහිනය සැබෑ කරගන්න ඔබට හිමිවන අනගි අවස්ථාවක්.
CDB නිවාස ණය ප්‍රතිලාභ
මම CDB නිවාස ණය තෝරාගත යුත්තේ ඇයි?
දින 2 කින් ණය අනුමත කිරීම
දින 10 ක් තුළ මුදල් ඔබ අතට
සුවිශේෂී ලෙස ඔබට සරිලන පරිදි සකස් කළ ආපසු ගෙවීමේ සැලසුම්
විදේශ සේවා නියුක්තිකයින් සඳහා විශේෂ ප්‍රතිලාභ
වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්
ගෙවීම් අතරතුර පළමු මාස 12 සඳහා පොලිය විතරක් ගෙවන්න
කලින් ණය පියවීමේ හැකියාව
නීතිමය ලියකියවිලි හා උකස් උපදෙස් පිළිබඳ විශේෂඥ දැනුම
තරඟකාරී වාරිකයන් යටතේ උකස් ආරක්ෂණ ආවරණය සහ ගිනි රක්ෂණය
ආකර්ශනීය ස්ථාවර හෝ වෙනස්වන පොලී අනුපාත ලබා ගන්න
- නිත්‍ය මාසික ආදායමක් ඇති අය, තනිව හෝ සහකරු/සහකාරිය සමඟ
- රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයින්
- විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්
- ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය
- ආදායම් විස්තර (වැටුප්ලාභී නම්: සේවාලාභී රැකියා සහ වැටුප් අනුකූලතා ලිපිය හෝ ස්වයං රැකියා නම්: ව්යාපාර ලියාපදිංචිකිරීමේ සහතික)
- බැංකු ප්‍රකාශන
- හිමිකම් ඔප්පු සහ සමීක්ෂණ සැලැස්ම
- පළාත් පාලන ආයතන ලේඛන
- අදාළ ඉදිකිරීම් සඳහා BOQ (වියදම් ඇස්තමේන්තුවක්).
- සහාධිපත්‍ය සඳහා: සහාධිපත්‍ය ප්‍රකාශන ඔප්පුව/හිමිකම් ඔප්පුව/සහාධිපත්‍ය පිඹුර
ශුද්ධ මාසික අවම ආදායම රුපියල් 100,000 වේ. (අමතර ආදායම් සලකා බැලිය හැක)
ණය ආපසු ගෙවීමේ කාල සීමාව උපරිමය අවුරුදු 10ක් දක්වා වේ. (විශ්‍රාමික වයස් සීමාව ණය මුදල ආපසු ගෙවීමේ කාලය තීරණය කිරීම සඳහා සලකා බලයි)
අවශ්‍ය නැත. නමුත් CDB ඉතිරි කිරීමේ ගිණුමකට වැටුප මාරු කිරීම ණය පහසුකම අනුමත කිරීම සඳහා අමතර සුදුසුකමක් වනු ඇත
ඔව්, ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබේ පවුලේ සාමාජිකයෙකු ඔබ හා සමඟ ණය ගිවිසුම සඳහා සම්බන්ධ කිරීම අවශ්‍ය වේ.