CDB යනු
CDB තුළ වටිනාකම් හතරක් පවත්වා ගනිමින් අපගේ අරමුණ "අභිලාෂයන් බලගැන්වීම" සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ කාර්ය මණ්ඩලයේ නිර්භීතබව සහ නව්‍යකරණය දිරිගන්වන ගතික වැඩ සංස්කෘතියක් මෙහි දී අපි දිරිමත් කරමු.
CDB සංස්කෘතිය
අපගේ කණ්ඩායම ඔබේ අභිලාෂයන් සවිබල ගැන්වීම කෙරෙහි තනි මනසකින් අවධානය යොමු කරන කැපී පෙනෙන සහ ප්‍රතිපත්තිගරුක පුද්ගලයින්ගේ එකතුවකි. CDB ජීවන රටාව සහ සංස්කෘතිය සෑම කෙනෙකුටම සමාන අවස්ථා ලබා දෙන ප්රගතිශීලී පරමාදර්ශයන් තුළ අන්තර්ගත වේ.
CDB ජීවන රටාව
මහජනතාව, ලාභය සහ පෘථුවිය සඳහා හොඳම තිරසාර ප්‍රතිපත්තියක් සඳහා CDB අප කැපවී සිටී.
තිරසාරත්වය සඳහා කැපවී සිටින තරු
සෑම සේවකයෙකුටම පරිසරය කෙරෙහි වගකීම සහ බැඳීම පිළිබඳ හැඟීමක් ඇති කර ඇත. CDB Advance Green Club සාමාජිකයින් තිරසාර මූලාරම්භයන් සඳහා නව සේවකයින් දැනුවත් කරමින් සහ ප්‍රජාව තුළ දැනුවත් කරමින් හරිත තානාපතිවරුන් ලෙස ක්‍රියා කරයි.
විශේෂ පිළිගැනීම්
CDB දශක ගණනාවක් පුරා සාර්ථකත්වයේ කීර්තිමත් නාමයක් ගොඩනගා ඇත. අපි දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් සඳහා ව්‍යාපාරවල වර්ධනයට සහ පුද්ගලික මූල්‍ය ස්ථාවර කිරීමට හැකියාව ලබා දී ඇති අතර, ඔවුන්ගේ කාර්යය සඳහා නිසි පිළිගැනීමක් ලබා දී ඇත.
සමාජ සංගම්
CDB අප සේවකයින්ගේ රුචිකත්වයන් ගවේෂණය කිරීමට සහ නව කුසලතා වර්ධනය කිරීමට දිරිමත් කරයි. ඒ සඳහා උද්යෝගිමත් පුද්ගලයන් අපගේ Toastmasters Club, Debate Club, Green Ninja Club සහ Welfare Club තුළ ඔවුන්ට ආවේණික වූ පොදු කුසලතා හා රුචිකත්වයන් ඔප්නැන්වීමට එකතු වේ.
ක්‍රීඩා තරු
ක්‍රීඩාව සේවක සුවතාවය සහ ආයතනික සංස්කෘතිය පොහොසත් කරන බව අපි විශ්වාස කරමු. CDB අපි, ක්‍රීඩා ඉසව් සහ පුහුණු සැසිවලදී නම්‍යශීලී වැඩ කරන වේලාවන් සහ විශේෂ දීමනා සමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරමු. සේවකයින්ට මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, ක්‍රිකට්, නෙට්බෝල්, රග්බි, මේසපන්දු සහ වොලිබෝල් වශයෙන් තෝරා ගත හැකිය.