ආයතනික මූල්‍ය විසඳුම්

ව්‍යාපාර දියුණුවට උපායමාර්ගික මුල්‍ය සේවාවන්

ආයතනික මට්ටමමේ සමාගම් වෙනුවෙන් CDB වෙතින් ආයතනික මූල්‍ය විසඳූම්!

CDB විසඳූම් පෙළ: ණය මූල්‍ය සේවා, ප්‍රග්ධන ගොඩනැගීම් සහ ආයතනික උපදේශන සේවා.

අප ඉතා සියුම් ලෙෂ ඔබගේ ව්‍යාපාරික අවස්ථාවන් මැනවින් හඳූනාගනිමින් සහ ඊට හවුල්කාරීත්වය දක්වමින් ඔබගේ ව්‍යාපාරික ඉම අසමසම මානයක් වෙත රැගෙන යමින් ඔබේ ව්‍යාපාරික අපේක්ෂාවන් ඉටුකරදෙයි.

ණය මූල්‍ය සේවා

  • ව්‍යාපෘති මූල්‍ය සේවා
    • විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සහ සවිස්තරාත්මක සේවාදායක ඇගයීමක් සිදු කිරීමෙන් ව්‍යාපෘතියේ ශක්‍යතාව හඳුනාගෙන යම් ව්‍යාපෘතියකට ණය මුල්‍යකරණය කිරීම.
  • සමූහ ණය පිරිනැමීම
    • දිගු කාලීන මූල්‍යකරණ විකල්පයක් සකස් කර ගත හැකි වන තෙක් සමාගම්වලට ඔවුන්ගේ කෙටි කාලීන තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා අන්තර්කාලීන මූල්‍ය විසඳුම් ලබා දීම.
  • ණය ඒකාබද්ධකරණය/සුරැකුම්කරණය
    • හොඳින් ස්ථාපිත ආයෝජක ජාලයක් සමඟ සම්බන්ධ වීමෙන් සේවාදායකයාගේ අවශ්‍යතාවය මත පදනම්ව ඒකාබද්ධ ණය පහසුකම් / සුරැකුම්කරණ පහසුකම් සංවිධානය කිරීම.
  • ණයකර නිකුතු කළමනාකරණය
    • සේවාදායකයා වෙනුවෙන් ණයකර නිකුත් කිරීමේ සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීම.

ප්‍රාග්ධන සැපයුම්

  • ව්‍යාපාර ප්‍රාග්ධන/ ව්‍යාපාර ඇරඹුම් මූල්‍ය සේවා
    • ආරම්භක සමාගම්වල මුල් අවධිය සඳහා ප්‍රාග්ධනය කොටස් හෝ ණය ලෙස ආරම්බක අරමුදල් සඳහා සහය දීම. 
  • පෞද්ගලික කොටස් පිළියෙල කිරීම
    • පුද්ගලික කොටස් ආයෝජකයින් (පුද්ගලික ස්ථානගත කිරීම්) වෙත ප්‍රවේශ වීමෙන් ගනුදෙනුකරුවන්ට සඳහා අවශ්‍ය කොටස් ප්‍රාග්ධනය සකස් කිරීම කළමනාකරණ සේවා සැපයීම 
  • බද්ධ කිරීම් සහ අත්පත්කර ගැනීම්
    • සේවාලාභීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඒකාබද්ධ කිරීම/අත්පත් කර ගැනීම් වලදී තක්සේරු කිරීම් සඳහා උපදෙස් දීම, සහජීවනය හඳුනා ගැනීම සහ සමස්ත ගනුදෙනුව සිදු කරන අතරතුර අනාගත ගැනුම්කරුවන්/විකුණුම්කරුවන් හඳුන්වා දීම වැනි සේවා ලබා දීම. 

ආයතනික උපදේශන සේවා

  • සමාගම් ප්‍රතිව්යුහගත කිරීම සඳහා උපදෙස් දීම
    • මෙහෙයුම් ස්ථාවර කිරීම හා පුනර්ජීවනය කිරීම, පිරිවැය කළමනාකරණය මගින් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම, අත්‍යවශ්‍ය නොවන මෙහෙයුම් ඉවත් කිරීම, ප්‍රාග්ධන ව්‍යුහයන් නැවත සකස් කිරීම හා කාරක ප්‍රාග්ධනය මෙන්ම දිගු කාලීන මූල්‍යකරණය සඳහා ශක්‍ය සැලසුම් සකස් කිරීම සඳහා සේවාලාභීන්ට උපදේශන සේවා සැපයීම.
  • තක්සේරු කිරීම් සහ ස්වාධීන අදහස් දීම
    • කොටස් වන්දි සැලසුම්, මිලදී ගැනීමේ-විකුණුම් ගිවිසුම්, ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් ඇතුළු විවිධ ගනුදෙනු අරමුණු සඳහා සහාය වීමට පුද්ගලික කොටස් කණ්ඩායම් සඳහා මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සඳහා ද තක්සේරු කිරීමේ වාර්තා සැපයීම. 
  • ශක්‍යතා අධ්‍යන
    • සේවාලාභියා විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලසුම් පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයන් හෝ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා මත නව ව්‍යාපාර සැලසුම් සැලසුම් කිරීම සහ ගොඩනැගීම.

විමසන්න

Please provide a name.
Please provide a valid phone number.
Please provide a city.
Please provide a valid email address.