CDB හරිත මූල්‍යකරණය

තිරසාර විසඳුම් වේගවත් කරමින්..

තිරසාර අනාගතයක් සඳහා CDB හි හරිත මූල්‍යකරණය

CDB හි, කාර්තු ට්‍රිලියන වත්කම් පදනමක් (Q-TAB) කරා යන අපගේ ගමන සහ තාක්‍ෂණය මත පදනම් වූ සමාගමක් බවට අපගේ පරිවර්තනය තිරසාරභාවය සඳහා වූ අපගේ නොසැලෙන කැපවීම ගැඹුරින් පිළිඹිබු කරයි. CDB තිරසාරත්වයේ ප්‍රධාන කුළුණු දෙකක් වන ශුද්ධ ශුන්‍ය සහ සමාජ සවිඥානක මුලපිරීම් මගින් මඟ පෙන්වන, හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම අපගේ මෙහෙවර බවට අපි පත් කර ඇත්තෙමු. ඒ සමඟම තිරසර මූල්‍යකරණය සඳහා ක්‍රියාකාරී දායකයෙකු වීමට සහ 2030 වන විට හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා, අපි 2020/21 වර්ෂයේ CDB Advance Sustainable Financing vertical ආරම්භ කළෙමු.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරවල සිට තිරසාර සංචලතා විසඳුම් දක්වා තිරසාර සංවර්ධනයට සහ පාරිසරික බලපෑමට ප්‍රමුඛත්වය දෙන ව්‍යාපෘතිවලට සහාය දීමෙන් අපි තිරසාර මූල්‍යකරණය පුරුදු කරමු. තිරසාර මූල්‍ය නිෂ්පාදන සහ ණය පිළිබඳ පුළුල් කළඹක් හරහා වඩාත් තිරසාර ලෝකයක් සඳහා අපගේ දැක්ම බෙදාහදා ගන්නා ව්‍යාපාර සහ මුල පිරීම් සවිබල ගන්වයි.


අපගේ හරිත මූල්‍ය අංශය යටතේ හඳුන්වා දුන් CDB Advance Roof Solar නිෂ්පාදනය, තිරසාර සහ බුද්ධිමත් බලශක්ති විකල්පයක් අපේක්ෂා කරන්නන් සඳහා පුළුල් විසඳුමක් ලෙස නිර්මාණය කර ඇත. මෙම නිෂ්පාදනය පාරිභෝගිකයින්ට පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරමින්, අමතර ආදායමක් සහ ශුන්‍ය විදුලි බිල්පත්වල ප්‍රතිලාභ ලබා දීමට හැකියාව ලබා දෙයි.

CDB Advance Roof Solar සමඟින්, පාරිභෝගිකයින්ට නවතම සූර්ය තාක්‍ෂණය, විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පහසු මූල්‍ය පහසුකම් ඇතුළත් සම්පූර්ණ පැකේජයක් ලැබේ. තරඟකාරී පොලී අනුපාත පමණක් නොව විශේෂඥ තාක්ෂණික මගපෙන්වීම, පහසු ගෙවීමේ ක්‍රමයක් සහ කරදරයකින් තොරව ස්ථාපනය කිරීම ද සපයමින් අපි සම්පූර්ණ සේවාවක් ලබා දෙන්නෙමු.


Features:

  • විශේෂ පොලී අනුපාත
  • වසර 6 ක් දක්වා නම්‍යශීලී ආපසු ගෙවීමේ පහසුකම්
  • මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි ආයතන සේවාව
  • විදුලි බිල්පත් නැත/ ආයෝජන සැලසුමක්

Benefits

  •  විදුලි ගාස්තු නැත
  • ඔබගේ අවශ්‍යතාවන්ට අනුව සැලසුම් කළ සේවාවක් ඔබ වෙතටම
  • උපදෙස් හා ශක්‍යතා අධ්‍යයන වාර්තාව නොමිලේ
  • පහසුවෙන් සවිකළ හැකි වීම
  • පහසු ක්‍රියාපටිපාටි සමග අවම ලිපිලේඛන
  • ඇපකර තැබීම හෝ ඔප්පු උකස් තැබීම අවශ්‍ය නැත
  • ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය පහසු වීම [ලංකා විදුලිබල මණ්ඩලය හෝ ලංකා විදුලි (පුද්ගලික) සමාගම සමග ගනුදෙනු කිරීම අවශ්‍ය නැත]
  • මූල්‍ය පහසුකමට අදාළ කාලසීමාව තුළ සුර්ය බලශක්ති පද්ධතියට රක්ෂණාවරණයක්

Documents required

  • ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ/ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  • පසුගිය මාස 3 ක විදුලි බිල්පත් වල පිටපත්
  • ආදායම තහවුරු කරන සාක්ෂි
    • රැකියාවල නියුතු පුද්ගලයන් – වැටුප් පත්‍රිකා 2 ක් සමග සේවායෝජකයා විසින් නිකුත් කරන ලද, වැටුප තහවුරු කිරීමේ ලිපියක්
    • ව්‍යාපාරික ගනුදෙනුකරුවන් – ව්‍යාපාර ලියාපදිංචියේ පිටපතක් සමග පසුගිය මාස 6 සඳහා ගිණුම් ප්‍රකාශයක

*නියමයන් හා කොන්දේසි සහිතයි


Technology Partners


Product Warranty

  • Solar PV පැනල සඳහා වසර 12 ක නිෂ්පාදක වගකීමක්
  • Solar PV පැනල සඳහා වසර 25 ක ක්‍රියාකාරීත්ව වගකීමක්
  • ඉන්වර්ටරය සඳහා වසර 10 ක නිෂ්පාදක වගකීමක්
  • CDB Advance Roof Solar සමඟින් වඩාත් තිරසාර ජීවන රටාවකට මාරු වන්න

CDB Advance Roof Solar සමඟ smart තිරසාර ජීවන රටාවකට මාරු වන්න වැඩි විස්තර සඳහා අමතන්න: 0117 388 388

තිරසාර අනාගතයකයකට පියමනිමින්

Click here to request a loan online

eShift: ව්‍යාපෘතියකට වඩා වැඩි දෙයකි; එය ජාතිය පුරා මනෝභාවයන් සහ චර්යා වෙනසක් ඇති කිරීම මගින් ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද අරමුණක් මත පදනම් වූ මුලපිරීමකි. CDB හි තිරසාර න්‍යාය පත්‍රයේ Net Zero vertical යටතේ ඇති eShift,තිරසාර සංචලතා විසඳුම් ඉදිරියට ගෙන යාමේ පියවරෙහි ඉදිරියෙන්ම සිටී.

CDB, විද්‍යුත් වාහන (EVs) වෙත මාරුවීම වේගවත් කිරීමට සහ අපගේ කාබන් පියසටහන අඩු කිරීමට Vega Innovations තාක්ෂණික හවිල්කරුවකු කරගනිමින් eShift දියත් කළේය. අපගේ මෙහෙවර වන්නේ ෆොසිල ඉන්ධන මත යැපීම අවම කිරීම සහ මෙම පරිවර්තනයේ තීරනාත්මක අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමයි. දැනුම බෙදාගැනීම, EV ආරෝපණ යටිතල පහසුකම් සහ EV පරිවර්තනයන් අවධාරණය කරන විස්තීර්ණ EV පරිසර පද්ධතියක් ප්‍රවර්ධනය කරමින් වඩාත් තිරසාර අනාගතයකට මෙම මුලපිරීම මග පාදයි.  


තාක්ෂණ හවුල්කරු


eShift වෙතින් ඔබට:

  • 10 kWh බැටරි ධාරිතාව
  • 3.5Kw මෝටරය
  • සම්පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර 150 ක දුරක්
  • කිලෝමීටරයකට රු.14 ක ඉතිරියක්
  • මිනිත්තු 45 ක වේගවත් charging පහසුකම සහ නිවසට charging පහසුකම ලබා ගැනීමේ හැකියාව (Home charger එක නොමිලේ)
  • ක්ලච් නැත (ස්වයංක්‍රීය)
  • අලුත්වැඩියා වියදම් නැත
  • ශුන්ය විමෝචනය

මිලදී ගැනීමේ විකල්ප

  • ත්‍රිරෝද රථය දින 5කින් පරිවර්තනය කිරීම
  • දැනටමත් පරිවර්තනය කර ඇති eShift EV එකක් මිලදී ගැනීමේ හැකියාව
  • පැරණි ත්‍රිරෝද රථය eShift EV එකකට හුවමාරු කිරීම

ණය නිර්ණායක


පාරිභෝගික ත්‍රිරෝද රථය පරිවර්තනය කිරීමදැනටමත් පරිවර්තනය කර ඇති ත්‍රිරෝද රථයක් මිලදී ගැනීම
100% ලීසිං පහසුකමඅවම මූලික ගෙවීම රුපියල් 300,000 කි
ආපසු ගෙවීමේ කාලය වසර 5 දක්වාආපසු ගෙවීමේ කාලය වසර 5 දක්වා

සුදුසුකම් ලබන්නේ කවුද?

ආයතනික හෝ ඕනෑම පුද්ගලයෙකු

  • වයස අවුරුදු 18 - 60
  • CRIB(පසුගිය ණය ගැනීම්/පියවීම්) දෝෂ රහිත විය යුතුය
  • ගනුදෙනුකරුවන්ගේ ජීවන තත්ත්වය සතුටුදායක විය යුතුය


අවශ්‍ය ලියකියවිලි

  • ජාතික හැඳුනුම්පත/රියදුරු බලපත්‍රය/විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  • පසුගිය මාස තුනේ විදුලි බිල්පත් පිටපත්
  • ආදායම පිළිබඳ සාක්ෂි
    • - රැකියාවල නියුතු පුද්ගලයන් - වැටුප් පත්‍රිකා 2 ක් + සේවා යෝජකයාගෙන් වැටුප් තහවුරු කිරීමේ ලිපියක්
    • - ව්‍යාපාරික ගනුදෙනුකරුවන් -BR පිටපත(ව්‍යාපාර ලියාපදිංචියේ පිටපතක්) + පසුගිය මාස 6 සඳහා බැංකු ප්‍රකාශන

*නියම සහ කොන්දේසි අදාළ වේ

For more information

Visit - https://eshift.lk/

විමසන්න

Please provide a name.
Please provide a valid phone number.
Please provide a city.
Please provide a valid email address.